Ad Code

Responsive Advertisement

ඔබ වාසනාවන්තයෙක්ද?

 ඔබ වාසනාවන්තයෙක්ද?





මේ ප්‍රශ්නය අහන්නේ නුපුරුදු තැනක, නුපුරුදු වෙලාවක. 


Job interview එකකට ගිය අවස්ථාවක final interview එකේ අන්තිම ප්‍රශ්නයට මේ වගේ දෙයක් ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?


බොහෝ දෙනෙක් ජීවිතය ගැන දකින්නේ සාපේක්ෂව. අහිමිවූ දේ, නොලැබීම වගේ දේවල් බොහෝ දෙනක්ගෙ ජීවිතවල සාමාන්‍ය දේවල්. ඒත් ඔබ අවාසනාවන්ත කෙනෙක් කියලා ඔබම හිතාගෙන සිටින එක ඔබට කරන ලොකු අසාධාරණයක් . මම මුලින් අහපු සරල ප්‍රශ්නයට "ඔව්" කියලා උත්තර දෙන්නෙ 3% ක් වගේ පිරිසක්. නෑ කියලා කියන 97%, නෑ කියලා නවතින්නෙ නෑ. ඊට හේතුත් ඉදිරිපත් කරනවා. මේ ලිපිය කියවන ඔබටත් මේ මොහොතේ ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න සිතුවිලි ගලාගෙන එනවා ඇති. ඒ තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් ඔබේ වාසනාව සහ සිතුවිලි අතර ලොකු බැඳීමක් තියෙනවා. 


ඔබ යමක් සාර්ථක කරගන්න තරයේ සිතාගෙන සිටිනවානම් ඊට අවශ්‍ය කැපවීම කරනවානම්, ඇතැම්විට එම කාර්‍ය්ය සාර්ථක කරගන්න අවශ්‍ය උදව්වක්, උදව් කරන්න කෙනෙක් එහෙම නැත්නම් ස්වභාවධර්මයේ ආශිර්වාදය නොහිතපු වෙලාවක ලැබෙන්න පුලුවන්. සෑම සාර්ථක පුද්ගලයෙක්ටම වාසනාව යම්කිසි ආකාරයකින් උදව් වෙලා තියෙනවා. ඒකට කියන්නේ Smart Luck කියලා.ඒත් ඒ කතාව ලෝකයට කියන්න ඒ අය කැමති නෑ. එහෙම වුනොත් ඔවුන්ගේ කතාව වීර කතාවක් වෙන්නෙ නෑ.

වාසනාව මතම විශ්වාසය තියාගෙන ඉන්න අය ඉන්නවා. නමුත් අපි කියන Smart Luck එක ඊට වෙනස්. ඔබ ඔබේ ඉලක්ක වෙත කරන කැපකිරීම් අඩු කරන්න එපා. වාසනාව අවශ්‍ය මොහොතේ ඔබට ලැබේවි යන විශ්වාසය පමණක් සිතේ තදින් තබා ගැනීම තමයි වැදගත්.

ඊට ඔබ වාසනාවන්ත බව යටි සිතට සන්නිවේදනය කළ යුතුයි. ඔබ උදෑසන අවදිවූ විට, ඔබට ලැබී ඇති සියළු යහපත් දේ ගැන ස්තූතිය පුදකරන්න. ඔබ වාසනාවන්ත බවත් වාසනාව ඔබේ ජීවිතය ලස්සන කරන බවත් මෙනෙහි කරන්න. දවස නිමාවේදීද එසේ කරන්න. 

ඇතැම්විට වාසනාව ලොතරැයි ජයක් වෙන්නත් පුලුවන් නමුත් ලොතරැයි ජය කියන එක මත සැළසුම් හදන්න එපා. ඔබේ සැළසුම්වලට උඩින් තියෙන සිහින ඒ ලොතරැයි ජයක් එක්ක සැබෑකරගන්න. ඔබට ලොතරැයි ජයක් හිමිනම් ඔබට එය හිමිවේවි. එහිදීද ඔබ Smart විය යුතුයි. ඔබ වාසනාව වෙනුවෙන් කරන වියදම හොඳ පාලනයක තබා ගන්න. එය ඔබේ අදායමෙන් නිශ්චිත ප්‍රතිශතයක්ව තබාගන්න. ලෝකයේ ප්‍රචලිත responsible lottery buying කියන සංකල්පය අනුගමනය කරන්න. ලොතරැයි සඳහා subscribe කිරීම ඒ සඳහා ඇති සාර්ථකම ක්‍රමය ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.

දැන් ලංකාවේද එම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. www.lucky1.lk වෙබ් අඩවියෙන් ලොතරැයි subscribe කරන්න පුලුවන්. 

ඔබ වාසනාවන්ත බව නිතරම මෙනෙහි කරන්න. සැළසුම් අතර වාසනාවට කුඩා ඉඩක් තබන්න. එය ඔබේ සිහින අභිබවා යා හැකියි.

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement