උපන්දින අංක වලින් මිලියන 400ක් දිනාගත් කාන්තාව
ලොතරැයි අංක තෝරා ගැනීමේ උපාය මාර්ගයට වාසනාවන්ත අංකවල සිට වසර ගණනාවක් පුරා එකම අංක තබා ගැනීම දක්වා මිථ්‍යා විශ්වාස රාශියක් ඇතුළත් විය හැකිය.
illonois ලොතරැයියේ එක ලොතරැයියක් වන lucky day jackpot එකෙන් පසුගිය සතියේ ඩොලර් මිලියන 1.4.හෙවත් රු මිලියන 413 ක් දිනා ගැනීමට උපකාරී වූ වාසනාවන්ත අංක පහ තෝරා ගැනීමට එක් මවක් තම දරුවාගේ උපන්දිනය භාවිතා කරමින් සාර්ථකත්වය සොයා ගත්තාය.
ඉලිනොයිස් ලොතරැයියේ නිවේදනයකට අනුව, "වාසනාවන්ත අම්මා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව, තම අඬන දරුවා රැකබලා ගැනීමට අවදි වූ පසු එම පුවත දැනගත් බව පැවසුවාය.
"මගේ බබා අඬ අඬා ඇහැරුනා, ඒගොල්ලන්ව ආපහු ඇඳට දැම්මට පස්සේ, මට ආයෙත් නින්ද යන්න අමාරු වුණා. ඒ නිසා කාලය ගත කරන්න, මම මගේ දුරකථනයේ ලොතරැයි ඇප් එක විවෘත කළා, ඒකෙන් මම ඩොලර් මිලියන 1.4ක් දිනලා කියලා පෙන්නුවාම මට විශ්වාස කරන්න බැරි වුණා! නියත වශයෙන්ම විකාරයි," ඇය නිවේදනයේ ඇතුළත් ප්‍රකාශයක පැවසුවාය.
මම ලකී ඩේ ලොටෝ එහෙ මෙහෙ ක්‍රීඩා කරලා තියෙනවා, මම එහෙම කරනකොට මගේ දරුවන්ගේ උපන්දින මගේ වාසනාවන්ත අංක විදිහට භාවිතා කරනවා," ඇය පැවසුවාය.
මාර්තු 6 වන දින සවස දිනුම් ඇදීමෙන් තෝරාගත් ජයග්‍රාහී අංක 6, 8, 16, 17 සහ 20 විය
Source ABC News
0 Comments